You are here

Don’t play the hand you’re dealt |  නිදහසට කරුණු එපා சுதந்திரத்திற்கு நிபந்தனைகள் வேண்டாம்

UNFPA launches 16 days of activism with a call to end intimate partner violence in collaboration with the Colombo Municipal Council

COLOMBO, Sri Lanka (23 November 2021): The iconic Colombo Municipal Council building was illuminated in orange with messaging on the national women’s helpline and Mithuru Piyasa hotline today to place a spotlight on intimate partner violence and encourage more women to seek help.

The illumination organised by UNFPA in collaboration with the Colombo Municipal Council and the High Commission of Canada, launched the 16 days of global activism against gender-based violence in Sri Lanka with a focus on intimate partner violence. The intervention is the culmination of a trilingual national media campaign on intimate partner violence highlighting evidence from the Women’s Wellbeing Survey (WWS), Sri Lanka’s first national survey on women and girls.

The Survey found that one in five (20.4%) women in Sri Lanka have experienced physical and/or sexual violence by an intimate partner. Yet, close to half (49.3%) of the women who experienced sexual violence by a partner did not seek formal help anywhere. The survey also found that one-third (35.7%) of women who experienced physical and/or sexual violence by an intimate partner had contemplated suicide; highlighting the serious repercussions violence has on the lives of women and girls. Encouraging more victims to seek help and ensuring support systems are available and accessible is essential for the recovery and prevention of violence against women and girls in Sri Lanka.

Emphasizing the importance of quality support services, the event also featured a special live performance of the ‘Nidahase’ song by Ashanthi de Alwis which was launched earlier this year to raise funds for women’s shelters while empowering more women to seek help.

Speaking on the importance of collective action to end intimate partner violence Her Worship, Rosy Senananyake, the Mayor of Colombo stated Violence against women can happen to anyone, anywhere so it is vital that we talk about this issue widely. To both encourage more women to seek help and ensure women and girls are aware of the support services available to them within the Colombo Municipality and across Sri Lanka. I am pleased to be collaborating yet again with UNFPA to raise awareness on this very pertinent issue.”

Highlighting the importance of policies that take the evidence of the WWS into account Mr. Daniel Joly, Counsellor and Head of Development Cooperation, High Commission of Canada in Sri Lanka stated “The Government of Canada is committed to supporting Sri Lanka and several other countries to end all forms of violence. It has been a long journey but I am pleased to see the results of the WWS we supported come to light today in the form of crucial evidence. Surveys like this are an essential building block in working towards ending all forms of violence against women and girls.”

Also speaking at the event, Ms. Sharika Cooray, Officer in Charge and National Programme and Policy Analyst for Women's Rights & Gender stated, “Intimate partner violence doesn't just affect women but also has an effect on children, families and communities at large. We all have a responsibility to end violence against women and challenge the norms that perpetuate gender-based violence. This is why 16 Days is important for UNFPA, not just to raise awareness but to collectively call to action for an end to all forms of violence against women and girls.”

UNFPA will continue advocating with its partners beyond the 16 days to encourage collective action to take the message of 16 days of advocacy forward to different audiences in Sri Lanka for a world free of gender-based violence and harmful practices towards women and girls ahead of the 2030 Agenda.

 


 

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කොළඹ මහ නගර සභාව සමග එක්වී

කාන්තාවන්ට සමීප සහකරුවකුගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දින 16 ක විශේෂ වැඩසටහනක් දියත් කරයි

2021 නොවැම්බර් 23, කොළඹ: කාන්තා උපකාරක දුරකථන අංකය සහ ‘මිතුරු පියස’ ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳ පණිවිඩ සමගින් කොළඹ මහනගර සභා ගොඩනැගිල්ල පසුගියදා තැඹිලි පැහැ වර්ණයෙන් ආලෝකමත් විය. කාන්තාවන්ට තම සමීප සහකරුවකුගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය පිළිබඳව රටේ අවධානය යොමුකරවීම සහ, එබඳු අවස්ථාවන් වලදී සහය ඉල්ලා සිටීමට කාන්තාවන් දිරිගැන්වීම මෙහි අරමුණ වී තිබිණි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මීට අමතරව, කාන්තාවන්ට තම සමීප සහකරුවකුගෙන් සිදුවන ප්‍රචණ්ඩත්වය ඇතුළුව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා දින 16 ක විශේෂ වැඩසටහනක් දියත් කිරීමද සිදු විය. මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු ළමුන් සම්බන්ධ ප්‍රථම ජාතික සමීක්ෂණය වන ‘Women’s Wellbeing Survey (WWS) ඔස්සේ ලැබුණු දත්ත පදනම් කරගනිමින් භාෂා තුනෙන්ම ක්‍රියාවට නංවන ලද ජාතික තලයේ ජනමාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක අවසන් අදියරයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් පහෙන් එකක් (20.4%) තම සමීප සහකරුවකු වෙතින් කායික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති බව මෙම සමීක්ෂණය මගින් අනාවරණය විය. එහෙත් සහකරුවකු වෙතින් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් අඩක් පමණම (49.3%) ඒ සම්බන්ධයෙන් කිසිදු උපකාරක සේවයක සහය ලබාගෙන නොමැත. එමෙන්ම සමීප සහකරුවකු වෙතින් කායික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් (35.7%) තුළ සියදිවි නසාගැනීමේ සිතිවිලි ඇති වූ බවද මෙම සමීක්ෂණය මගින් අනාවරණය වී තිබේ. මෙම දත්ත, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාවන් සහ ගැහැනු ළමුන්ගේ ජීවිත වලට ඇතිවන බලපෑම පැහැදිලිව පෙන්වා දෙයි. මෙම තත්ත්වය අවම කිරීමට නම්, ප්‍රචණ්ඩත්වයට මුහුනදෙන කාන්තාවන් ජාතික උපකාර සේවාවන් වල සහය ලබා ගැනීමට දිරිගැන්වීම සහ, ඔවුන්ට එම උපකාර ලබාදීම සඳහා අවශ්‍ය විධිමත් ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ.

කාන්තාවන් වෙනුවෙන් උපකාරක සේවාවන් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කිරීමක් වශයෙන් මෙම උත්සවයේදී අශාන්ති ද අල්විස් විසින් ‘නිදහසේ’ ගීතය සජීවීව ගායනා කරන ලදි. විපතට පත් කාන්තාවන්ට සෙවණ සලසන රැදවුම් මධ්‍යස්ථාන වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සහ, අවශ්‍ය මොහොතක උපකාර සෙවීම සඳහා කාන්තාවන් දිරිගැන්වීම යන අරමුණු පෙරදැරිව, මෙම වසරේ මුල් භාගයේදී මෙම ගීතය නිර්මාණය කෙරිණි.

කාන්තාවන්ට තම සමීප සහකරුවකු වෙතින් මුහුණ දීමට සිදුවන ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා සාමූහිකව පියවර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් කොළඹ නගරාධිපතිනිය වන ගරු රෝසි සේනානායක මැතිනිය මෙසේ අදහස් පළකළා ය. “කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු ඕනෑම කාන්තාවකට, ඕනෑම මොහොතකදී මුහුණ දීමට සිදුවන ගැටලුවක්. ඒ නිසා මෙම ගැටලුව පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුයි. අවශ්‍ය අවස්ථා වලදී උපකාර සේවා වල සහය ඉල්ලා සිටීම සඳහා කාන්තාවන් වැඩි වැඩියෙන් යොමුකරවීම මෙන්ම, ඔවුන්ට උපකාර සේවා සැපයීම සඳහා කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක වන සේවාවන් සහ එම සේවාවන් භාවිතා කරන ආකාරය පිළිබඳව කාන්තාවන් හා ගැහැනු ළමුන් දැනුවත් කිරීමත් ඉතා වැදගත්. මෙම කාලීන ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකිරීම සඳහා නැවත වරක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම මට මහත් සතුටක්.”

WWS සමීක්ෂණය ඔස්සේ ලැබුණු තොරතුරු අනුව, මෙම ගැටලුව අවම කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක සහ සංවර්ධන සහයෝගීතා ප්‍රධානී ඩැනියෙල් ජොලී (Daniel Joly) මහතා මෙසේ පැවසී ය. “සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් කිහිපයකට සහයෝගය ලබාදීමට කැනඩා රජය පියවර ගෙන තිබෙනවා. මෙය දීර්ඝකාලීන උත්සාහයක් වන අතර, අපගේ සහයෝගය සහිතව ක්‍රියාත්මක වුණු WWS සමීක්ෂණයේ ප්‍රතිඵල වැදගත් දත්ත ලෙස ප්‍රකාශයට පත් වී තිබෙනු දැකීම සතුටට කරුණක්. කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා මෙවැනි සමීක්ෂණ අත්‍යවශ්‍යයි.”

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජාතික වැඩසටහන් ප්‍රධානී සහ කාන්තා හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ ප්‍රතිපත්ති විශ්ලේෂිකා ශාරිකා කුරේ මහත්මිය මෙසේ සිය අදහස් පළකළා ය. “සමීප සහකරුවන් වෙතින් ඇතිවන ප්‍රචණ්ඩත්වය හුදෙක් කාන්තාවන්ට පමණක් බලපාන දෙයක් නොවෙයි. එමගින් දරුවන්ට සහ පවුල් වලට මෙන්ම, සමස්ත සමාජයටම බලපෑම් එල්ල වෙනවා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සහ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන සම්මතයන්ට අභියෝග කිරීම අප සියලු දෙනාගේම වගකීමක්. මෙම දින 16 වැඩසටහන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අතිශයින් වැදගත් වන්නේ මේ නිසයි. මෙය හුදෙක් ජනතාව දැනුවත් කිරීම පමණක් නොව, කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් කිරීමට සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන වැඩසටහනක්.”

මෙම වැදගත් පණිවිඩය මෙම වැඩසටහනින් ඔබ්බට රැගෙන යමින්, තම 2030 තිරසාර සංවර්දන ඉලක්ක මාලාවට සමගාමීව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයෙන් හා කාන්තාවන්ට හානිකර වන්නා වූ අනෙකුත් ක්‍රියාකාරකම් වලින් තොර ලෝකයක් නිර්මාණය කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ විවිධ ජන කොට්ඨාශයන් වෙත ආමන්ත්‍රණය කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කටයුතු කරනු ඇත.


UNFPA கொழும்பு மாநகர சபையுடன் இணைந்து நெருக்கமான இணையரின் வன்முறையை முடிவுக்குக் கொண்டுவருவதற்கான கோரிக்கையோடு, 16 நாள் செயற்பாட்டினை ஆரம்பித்துள்ளது.

 

கொழும்பு, இலங்கை (23 நவம்பர் 2021): நெருங்கிய இணையரின் வன்முறைகள் குறித்த கவனத்தை ஈர்ப்பதற்காகவும், பெண்கள் அவர்களுக்கான உதவியை நாட ஊக்குவிக்கும் விதமாகவும், தேசிய பெண்களுக்கான தொலைபேசி உதவி சேவை மற்றும் மிதுரு பியச அவசர தொலைத்தொடர்பு இலக்கம் ஆகியவை தொடர்பான தகவல்களை பகிரும் நோக்கில் கொழும்பின் பிரத்தியேக சின்னமாகிய கொழும்பு மாநகர சபை கட்டிடம் செம்மஞ்சள் நிறத்தில் இன்று ஒளிரச் செய்யப்பட்டது.

கொழும்பு மாநகர சபை மற்றும் கனேடிய உயர் ஸ்தானிகராலயத்துடன் இணைந்து UNFPA ஏற்பாடு செய்திருந்த இந்த நிகழ்வானது, இலங்கையில் பாலின அடிப்படையிலான வன்முறைகளுக்கு எதிரான உலகளாவிய செயற்பாட்டின் 16 நாள் செயற்பாட்டினை ஆரம்பித்து வைக்கும் முகமாக ஏற்பாடு செய்யப்பட்டிருந்தது. இந்த செயற்பாடானது நெருங்கிய இணையர் மூலம் ஏற்படும் வன்முறையின் மீது விசேட கவனம் செலுத்தும் விதமாக ஏற்பாடு செய்யப்பட்டுள்ளமையும் குறிப்பிடத்தக்கது. பெண்கள் மற்றும் சிறுமிகள் மீதான இலங்கையின் முதல் தேசிய கணக்கெடுப்பான, பெண்கள் நலன்சார் கணக்கெடுப்பின் (WWS) ஆதாரங்களை முன்னிலைப்படுத்தும், நெருக்கமான இணையர் வன்முறை பற்றிய மும்மொழி தேசிய ஊடக பிரச்சாரத்தின் வெளிப்பாடாகவே இந்த தலையீடு உள்ளது என்பதும் குறிப்பிடத்தக்கது.

இலங்கையில் ஐந்தில் ஒரு பெண் (20.4%) நெருங்கிய இணையரால் உடல் மற்றும்/அல்லது பாலியல் வன்முறைக்கு உட்படுத்தப்பட்டுள்ளதாக இந்த கணக்கெடுப்பு மூலம் கண்டறியப்பட்டுள்ளது. இருப்பினும், இணையரால் பாலியல் வன்முறைக்கு உட்படுத்தப்பட்ட பெண்களில் பாதி (49.3%) பேர் முறையான உதவியை எங்கும் நாடவில்லை என்பதும் கண்டறியப்பட்டுள்ளது. மேலும், நெருக்கமான இணையரால் உடல் மற்றும்/அல்லது பாலியல் வன்முறைக்கு உட்படுத்தப்பட்ட பெண்களில் மூன்றில் ஒரு பகுதியினர் (35.7%) தமது உயிரை மாய்த்துக்கொள்ள எண்ணியுள்ளதாகவும் குறித்த கணக்கெடுப்பு கண்டறிந்துள்ளது; இது பெண்கள் மற்றும் சிறுமிகளின் வாழ்க்கையில் வன்முறை ஏற்படுத்தும் கடுமையான விளைவுகளை எடுத்துக்காட்டுகிறது. பாதிக்கப்பட்டவர்கள் தமக்கான உதவிகளை நாட ஊக்குவிப்பதும் அவர்களுக்கான ஆதரவு கிடைப்பதற்கான கட்டமைப்புக்கள் கிடைப்பதையும் அணுகுவதையும் உறுதி செய்வதும், இலங்கையில் பெண்கள் மற்றும் சிறுமிகளுக்கு எதிரான வன்முறைகளை தடுப்பதற்கு மிகவும் அவசியம் ஆகும்.

தரமான உதவிச்சேவைகளின் முக்கியத்துவத்தை வலியுறுத்தும் முகமாக, இந்த நிகழ்வின்போது அஷாந்தி டி அல்விஸின் 'நிதாஹாசே' பாடலின் சிறப்பு நேரடி நிகழ்ச்சியும் இடம்பெற்றது, இப்பாடலானது பெண்கள் தங்களுக்கான உதவிகளை நாடுவதற்கு ஊக்குவிக்கும் முகமாகவும், மகளிர் தங்குமிடங்களுக்கு நிதி திரட்டுவதற்கும் இந்த ஆண்டின் தொடக்கத்தில் வெளியிடப்பட்டமை குறிப்பிடத்தக்கது.

நெருங்கிய இணையர் வன்முறையை முடிவுக்குக் கொண்டுவருவதற்கான கூட்டு நடவடிக்கையின் முக்கியத்துவம் குறித்து கருத்து தெரிவித்த கொழும்பு மாநகர மேயர் ரோசி சேனாநாயக்க, "பெண்களுக்கு எதிரான வன்கொடுமைகள் யாருக்கும், எங்கும் நிகழலாம், எனவே இந்த பிரச்சனையைக் குறித்து பரந்த அளவில் பேசுவது அவசியமானது. மேலும், பெண்கள் அவர்களுக்கான உதவிகளை அணுகிப் பெற்றுக்கொள்ள ஊக்குவிப்பதுடன், கொழும்பு மாநகரசபைக்குட்பட்ட பிரதேசங்கள் மற்றும் இலங்கை முழுவதிலும் தங்களுக்குக் கிடைக்கும் உதவிச்சேவைகள் குறித்தும் பெண்கள் மற்றும் சிறுமிகள் அறிந்திருப்பதை உறுதிப்படுத்த வேண்டும். மிகவும் முக்கியமான இந்த பிரச்சினை தொடர்பாக விழிப்புணர்வை ஏற்படுத்த நான்  UNFPA உடன் மீண்டும் இணைந்துகொள்வதில் மிகவும் மகிழ்ச்சியடைகிறேன்."

WWS இன் சான்றுகளை உள்ளடக்கிய கொள்கைகளின் முக்கியத்துவத்தை எடுத்துரைத்த இலங்கைக்கான கனேடிய உயர்ஸ்தானிகராலயத்தின் ஆலோசகரும் அபிவிருத்தி ஒத்துழைப்புத் தலைவருமான திரு. டேனியல் ஜோலி, "“எல்லா வகையான வன்முறைகளையும் முடிவுக்குக் கொண்டுவர இலங்கை மற்றும் பல நாடுகளுக்கு ஆதரவளிக்க கனேடிய அரசாங்கம் உறுதிபூண்டுள்ளது. இது ஒரு நீண்ட பயணமாக இருந்தபோதும், நாங்கள் ஆதரவளித்த WWS இன் முடிவுகள் இன்று முக்கிய ஆதாரங்களின் வடிவில் வெளிவருவதைக் கண்டு நான் மகிழ்ச்சியடைகிறேன். பெண்கள் மற்றும் சிறுமிகளுக்கு எதிரான அனைத்து வகையான வன்முறைகளையும் முடிவுக்குக் கொண்டுவருவதற்கு இது போன்ற ஆய்வுகள் இன்றியமையாதவையாகும்."

மேலும், இந்நிகழ்வின்போது பெண் உரிமைகள் மற்றும் பாலினத்திற்கான தேசிய வேலைத்திட்டம் மற்றும் கொள்கை ஆய்வாளரும் பொறுப்பதிகாரியுமான திருமதி ஷரிகா குரே கருத்து தெரிவிக்கையில், ""நெருங்கிய  இணையர் வன்முறையானது பெண்கள் மீது மட்டுமல்லாது குழந்தைகள், குடும்பங்கள் மற்றும் சமூகங்கள் மீதும் பாதிப்பை ஏற்படுத்துகிறது. பெண்களுக்கு எதிரான வன்முறையை முடிவுக்குக் கொண்டு வருவதற்கும், பாலின அடிப்படையிலான வன்முறையை நிலைநிறுத்தும் விதிமுறைகளுக்கு எதிராக சவால் விடுப்பதற்கும் நம் அனைவருக்கும் பொறுப்பு உள்ளது. இதனால்தான் 16 நாட்களானது, விழிப்புணர்வை ஏற்படுத்துவதற்கு மட்டுமல்லாமல், பெண்கள் மற்றும் சிறுமிகளுக்கு எதிரான அனைத்து வகையான வன்முறைகளையும் முடிவுக்குக் கொண்டுவருவதற்கான நடவடிக்கைக்கு கூட்டாக அழைப்பு விடுப்பதற்கும், UNFPA க்கு முக்கியமாக இருக்கின்றது."

2030ஆம் ஆண்டு நிகழ்ச்சி நிரலினை முன்னிட்டு, பாலின அடிப்படையிலான வன்முறைகள் மற்றும் பெண்கள் மற்றும் சிறுமிகளுக்கு எதிரான தீங்கு விளைவிக்கும் நடைமுறைகள் இல்லாத உலகத்திற்காக 16 நாட்கள் கொண்ட செயற்பாட்டின் செய்தியை இலங்கையின் பல்வேறு தரப்பினர் மத்தியிலும் முன்னோக்கி கொண்டு செல்வதற்கான கூட்டு நடவடிக்கையை ஊக்குவிப்பதற்காக UNFPA யானது 16 நாட்களுக்கும் அப்பால் அதன் பங்குதாரர்களுடன் தொடர்ந்து செயற்படும்.